ආනයනික බිත්තර මිල ඉහළට

January 21, 2024 - 1:35 PM
සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල අද (20) සිට ඉහළ දමා තිබෙනවා.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43ක් බවයි.

වැට් වැඩිවීම මෙම මිල වැඩි කිරීමට හේතුව වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙර ඉන්දියානු බිත්තර අලෙවි කළේ, රුපියල් 35ක් වැනි මුදලකටයි.
(lknews.lk)