දුමින්ද සිල්වා රෝහලට

January 18, 2024 - 6:11 PM
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණය ඇතුළු අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි. 
 
ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 
 
කෙසේවෙතත්, දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණේ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම නොතකා එම රෝහලේම ප්‍රතිකාර ගත යුතු බවයි. 
 
දුමින්ද සිල්වාගේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඉක්මවා යාමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති බවයි වාර්තා වන්නේ. 
 
ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවීමත් සමඟ දුමින්ද සිල්වා, 2022 ජුනි 01 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත්තා.
(lknews.lk)