සංචාරකයින්ට "ඊ වීසා" අද සිට

April 17, 2024 - 10:49 AM
සංචාරකයින් සඳහා අද (17) සිට 'ඊ වීසා' ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ආරම්භයේදී භාෂා පහකින් 'ඊ වීසා' අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

මෙම ක්‍රමවේදය සියලුම වීසා ඉල්ලුම් කිරීම් සඳහා සති 03ක් වැනි කාලයක් ඇතුළත යොදා ගන්නා බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙයින් රටේ ආරක්ෂක ක්‍රමවේදය අනුව ඉතා පහසුවෙන් රටට පැමිණීමට පහසුකම් සැලසෙන බවයි.


(lknews.lk)