බුත්තල ආශ්‍රිතව භූ චලනයක්

September 26, 2023 - 8:45 AM
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලනයක් හටගෙන තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා. 
එය රිච්ටර් මාපකයේ 2.4ක අගයකින් යුත්ය් බවයි එම කාර්යාංශය පැවසුවේ. 

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ එම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ.

පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ ප්‍රදේශයක හටගත් මෙම භූකම්පනය පිළිබඳ මෙරට තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන හතරෙහිම සටහන්ව තිබෙනවා.
 
කෙසේවෙතත් මේ හේතුවෙන් සිදු වූ අලාභයක් මෙතෙක් වාර්තා වී නැහැ.
(lknews.lk)