තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනයක්

December 16, 2023 - 10:23 AM
මේ වසරේ තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම කාල සීමාව තුළ මෙරට දළ දේශීය නිෂ්පදනය රුපියල් බිලියන 2,946ක් ලෙස දැක්වෙන බවයි.

මේ අතර, මෙවර අයවැයෙන් ප්‍රධානතම රාජ්‍ය බැංකු 2ක් සඳහා රුපියල් බිලියන 450ක් වෙන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාසලක ඊයේ(15) පැවති වැඩසටහනකට එක් වෙමින්.
(lknews.lk)