දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වය වැදගත් - ෂෙහාන් සේමසිංහ

June 23, 2024 - 10:14 AM
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට ප්‍රමුඛතාව දීම වැදගත් බවයි.

අවුල්සහගතව පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු පාර්ශව විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද ඔහු සදහන් කර සිටියා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයේ දේශපාලඥයින්ගෙන් සහ උපදේශකවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කරන බොරු පොරොන්දු දීමෙන් වළකින ලෙසයි.
(lknews.lk)