මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් අධ්‍යාපනය කඩා වැටෙයි

December 06, 2023 - 11:14 AM
විදුලිබල නොගෙවීම නිසා මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කර ඇති පවුල් ඒකකවල දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටී ඇති බැවින් එය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඉල්ලීමක් කර තිබෙනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ඊයේ (05) පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශකර සිටියා.

සංචාරක හා ඉඩම්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැනීමට නියමිතයි.
(lknews.lk)