මෙරට අධ්‍යාපන කාර්යයන් කිසිසේත් කල්දමන්න බැහැ -අධ්‍යාපන ඇමති

January 05, 2024 - 11:05 AM

කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ පවතින කාර්යයන් කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු‍ අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව සඳහන් කළා.

2024 වර්ෂය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන්, ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සැලසුම් සහ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු‍ අංශ ප්‍රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (04) පැවති විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)