හිරු රශ්මියෙන් දරුවන්ට බලපෑම්

March 13, 2024 - 9:58 PM
අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයි පටි සහ බඳ පටි ලිහිල් කර පළඳින ලෙස උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අධික හිරු රශ්මිය සහිත අවස්ථාවල කළු පැහැති ඇදුම් සහ හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන ලෙසටද පාසල් බලධාරීන්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිස්ත්‍රික්ක කිහිපයකටම තවදුරටත් මෙම උෂ්ණ අධික කාලගුණ තත්වය අවදානම් මට්ටමේ පවතින බවයි.
(lknews.lk)