බිත්තර මිල ඉහළට - නව මිල මෙන්න

February 12, 2024 - 10:45 AM
බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් බුද්ධික වීරසේන මහතා සඳහන් කළා.

අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් ද, සිල්ලර මිල රුපියල් 63ක් දක්වා ද ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා.
(lknews.lk)