ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දෙයි

April 02, 2024 - 12:38 PM
ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ, පසුගිය පෙබරවාරි 19 වැනිදා ඒ පිළිබඳව අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දීමෙන් අනතුරුවයි.

එම වාර්තාව මඟින් දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඇහැලේපොළ වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කර ඇති අතර එම වලව්ව සහ ඊට අයත් භූමිය, පූජා ඔප්පුවක් මඟින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට යෝජිතයි.  

(lknews.lk)