අයිෆල් කුළුණ වැසේ

February 20, 2024 - 1:13 PM
පැරිසියේ අයිෆල් කුලුණෙහි සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අයිෆල් කුළුණේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කිරීමට අදාළ ආයතන අපොහොසත් වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ඊයේ (20) දිනයේදී අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

එළඹෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට ඇති බැවින් කුළුණේ නඩත්තු කටයුතු සඳහා ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බවයි සේවකයින් චෝදනා කරන්නේ.

අයිෆල් කුළුණ ඊයේ වසා දැමීම හේතුවෙන් දහසකට අධික පිරිසක් නැවත හරවා යැවීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(LKNEWS)