මැතිවරණ නීති සංශෝධනය කිරීමට විමර්ශන කොමිසමක්

November 03, 2023 - 2:23 PM

පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොමිසමක් පත් කර තිබෙනවා.

ඒ අනුව එයට අවශ්‍ය නිර්දේශ මාස 6ක් තුළ ලබා දීම වෙනුවෙන් විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කොමිසමක් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි.
(lknews.lk)