ශ්‍රීලනිපයේ අර්බුදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සාකච්ඡාවක්

April 18, 2024 - 9:12 AM
අද (18) ජාතික මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වනවිට තමා වෙත යොමු කර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවයි.

එම ලිපිලේඛන අධ්‍යනය කිරීමෙන් පසු පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)