දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

August 26, 2024 - 4:54 PM
2024 සැප්තැම්බර 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ (25) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 127ක් ලැබී ඇති බවයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 25 දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,052ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

(lknews)