මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව විදුලි පරිශීලකයන් නඩු මඟට
October 21, 2023 - 12:40 PM
විදුලි ගාස්තු ඉහළ දැමීමට PUCSL අනුමැතිය ලබා දීමෙන් පසු ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට සලකා බලමින් සිටින බව විදුලි පරිශීලකයින්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා පවසනවා.
විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව PUCSL මහජන අදහස් විමසූ බවත්, එහිදී සියයට 90ක් විදුලි ගාස්තු වැඩි කිරීමට විරුද්ධ වූ බවයි ඔහු පැවසුවේ.
පාරිභෝගිකයන්ගේ දැඩි විරෝධය නොතකා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් මෙම තීරණය හේතුවෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් වන බව විදුලි පරිශීලකයන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
LK NEWS