විදුලි බල පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

November 21, 2023 - 1:08 PM
යෝජිත විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ.

පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු මෙම පනත හරහා ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට නියමිතයි.

මීට අමතරව විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කටයුතුවලට පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබා ගැනීමට ද හැකියාව හිමිව ඇති බව සඳහන්.
(lknews.lk)