විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ කොමිසමට

January 03, 2024 - 2:06 PM
විදුලිබිල අඩුකිරීමට අදාළ යෝජනා ලබන සතියේ විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීමට අදාළ කෙටුම්පත සංශෝධන සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම සේවාවලට බාධා කරන හෝ කළමනාකාරීත්වයේ මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව එහි සේවකයින් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.
(lknews.lk)