විදුලි බිල අඩු වෙයි - කංචන

February 20, 2024 - 12:55 PM
මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළා.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)