හෙට සිට විදුලි ගාස්තු 22.5%කින් පහළට

July 15, 2024 - 4:01 PM
විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදියි.

කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ සිදුකළ යුතු දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි.

එහිදී ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු අඩු කෙරෙන බව සඳහන්.
(lknews)