විදුලි ගාස්තු 20% කින් අඩු කරන්න පුළුවන් - මන්ත්‍රී පාඨලී

February 24, 2024 - 11:32 AM
විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසනවා.

එම මණ්ඩලය අසත්‍ය සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි ගාස්තු වැඩි කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ, ජනතාවට සහන මිලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම ජනතාවගෙන් අනීතික ලෙස මුදල් අයකරමින් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 60 කට වඩා ලාභයක් උපයා ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික මහතා පැවසුවා.
(lknews.lk)