වියළි කාලගුණය නිසා විදුලි ඉල්ලුම ඉහළට

February 19, 2024 - 3:56 PM
පවතින වියළි කාලගුණ තත්වය සමඟ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3-4 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පවසනවා.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව 83%ක් දක්වා පහත වැටී ඇති බවත්, ඒ අනුව ජල විදුලි උත්පාදනය 21%ක් දක්වා පහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් හැකිතාත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දුන්නේ.
(lknews.lk)