ජාතික පද්ධතියට තවත් ව්‍යාපෘතියකින් විදුලිය

March 14, 2024 - 5:10 PM
හම්බන්තොට, ගොන්නෝරුව බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා විදුලි බල මණ්ඩලය තවත් ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආයෝජකයන් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙගාවොට් 10 බැගින් බලාගාර 13ක්, මෙගාවොට් 5 බැගින් බලාගාර 4 කින් සමන්විත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙගාවොට් 150ක සමස්ථ ධාරිතාවයක් එමඟින් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ මැයි මස වන විට ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(lknews.lk)