විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න වෙයි - ලංකා විදුලිබල මණ්ඩලය

February 17, 2024 - 11:22 PM
ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අනාවැකි පළ කරනවා.

මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසන්නේ.

එමෙන්ම විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම ද කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළා

ඒ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(lknews.lk)