Elon Musk නැවතත් අංක එකට

December 15, 2023 - 3:15 PM
මෙම වසරේදීත් ලොව ඉහළම ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට Elon Musk සමත් වී තිබෙනවා.

පසුගිය 12 වනදා වන විට ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 253.2ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසොස් දෙවන ස්ථානයට පත්ව සිටින අතර ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 171 ක්.

තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකු වන බර්නාඩ් ආනෝල්ට්.

මේ අතර ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ හතරවන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වාම ඇමරිකානු ජාතිකයන් ඇතුලත්ව සිටීම විශේෂත්වයක්.
(lknews.lk)