ගාසා තීරයේ දරුවන් ගැන ප්‍රංශ ජනාධිපති සංවේදී වෙයි

November 11, 2023 - 11:38 AM
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේ, සටන් විරාමයට සහය දෙන ලෙස එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කළ බවයි.

එමෙන්ම ඔහු විසින් ඊශ්‍රායලය තම ආරක්ෂාව තර කරගැනීම අනුමත කර තිබෙනවා.

මීට අමතරව හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා ද හෙළා දකින බව ඔහු සඳහන් කළා.
(lknews.lk)