මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක

March 10, 2024 - 12:32 PM
මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබෙන්නේ, මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින්.

මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40 කට ආසන්න කාන්තාවන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවත් ඔවුන් පැවසුවා.

එමෙන්ම අක්‍රීය වී ඇති විදුලි සෝපානය මාසයක් ඇතුළත නැවත සකස් කිරීමට රජය අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)