මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක

March 11, 2024 - 9:42 AM

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබෙන්නේ, මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින්.

මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40 කට ආසන්න කාන්තාවන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවත් ඔවුන් පැවසුවා.
(lknews.lk)