ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට

March 18, 2024 - 10:00 PM
2023 (2024) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව හෙට 19 සිට 29 වනදා දක්වා දිවයිනේ තෝරාගත් මධ්‍යස්ථාන 41කදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, අපේක්ෂකයාගේ ප්‍රවේශ පත්‍රයේ පරීක්ෂණය සඳහා පෙනී සිටිය යුතු දිනය හා ස්ථානය සඳහන්ව ඇති බවත් එසේම ඊට අදාළ දිනය හා ස්ථානය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවත්ය.
(lknews.lk)