එංගලන්ත කණ්ඩායමේ හැරී බෘෘක් IPL තරගයෙන් ඉවත් වෙයි

March 14, 2024 - 11:40 AM
එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන හැරී බෘෘක් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

ඒ, සිය මිත්තනියගේ මරණය හේතුවෙන් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවා.

පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4කට හැරී බෘෘක් ව මිලදී ගත් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)