මෙරට එතනෝල් ඕස්ට්‍රේලියාවට

September 21, 2023 - 11:07 AM
ලංකා සීනි සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන එතනෝල් ඉදිරියේදී අපනයන කිරීමට සැලසුම් කර ඇති බව ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි ගාමිණී රාසපුත්‍ර මහතා පවසනවා.

එහි පළමු පියවර ලෙස ඕස්ට්‍රේලියානු වෙළෙඳපළ වෙත එතනෝල් යැවීමට එරට සමාගමක් සමඟ සාකච්ඡා කළ බවත් එම සමාගම සතියකට එතනොල් ලීටර් තිස්දහසක් 30,000 බැගින් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළා.

දේශීය සමාගම් දැනටමත් එතනෝල් මිලදීගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ලංකා සීනි සමාගමේ ගබඩාවල එතනෝල් ලීටර් දස ලක්ෂයක් එක්රැස්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තවදුරටත් එලෙස එතනොල් ගබඩා කිරීමට නොහැකි බැවින් එතනොල් අතිරික්තය මෙලෙස අපනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
(lknews.lk)