සා/පෙළ උත්තර පත්‍ර ඇගයීම කල් යයි

June 04, 2024 - 1:41 PM
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 2023 (2024) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කරන දිනය සංශෝධනය කර තිබෙනවා.  

ඒ අනුව ජුනි 6 වනදා ආරම්භ කිරීමට තිබූ පළමු අදියරේ ඇගයීමේ කටයුතු ජුනි 8 වනදා ආරම්භ කිරීමට තීරණය කළ බව විභාග දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළා.

ජුනි 08 වනදා සිට ජුනි 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර අගැයීමේ පළමු අදියර සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

(lknews)