ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයීම අද සිට

October 26, 2023 - 9:52 AM
පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් ඇගයීමේ කටයුතු අද (26) ආරම්භ වනවා. 

ඒ බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජෙනරාල් ලසික සමරකෝන් මහතා සඳහන් කළා.
 
දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු ආරම්භ කරන බවයි. අද සිට ලබන 31 වන දා දක්වා එම පිළිතුරුපත් ඇගයීමේ කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. 
 
මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරුපත් ඇගයීම හෙට (27) ආරම්භ කරන බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ.
(lknews.lk)