විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිශ්චිත දිනයක්

November 29, 2023 - 9:04 AM
විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

අධ්‍යාපනයට සම්බන්ධ සියලු කරුණුවලට අවශ්‍ය විසඳුම් ද ඊට ඇතුළත් කර තිබෙන බවයි අමත්‍යවරයා පැවසුවේ. 
 
ඒ අනුව ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි ප්‍රධාන විභාග 3 පැවැත්වීමට සහ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට නව අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(lknews.lk)