ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දින ගැන විභාග දෙපාර්තමේන්තුව කියයි

October 15, 2023 - 5:54 PM
අද දින පැවැති ශිෂ්‍යත්ව විභාගය සාර්ථක ලෙස පැවැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසූවේ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දින 40- 45 ක පමණ ගත විය හැකි බවයි.

කෙසේ වෙතත් දින 45ක් ඇතුළත කඩිනමින් ප්‍රතිඵල ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

දිවයින පුරා මධ්‍යස්ථාන 28,88කදි පැවැති විභාගය සම්බන්ධයෙ කිසිදු ගැටලු සහගත තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් මාලිම්බඩ සුමේද විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට පැමිණීමට අපහසුතා ඇතිවූ අපේක්ෂකයන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීමටද දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
(lknews.lk)