අවලෝකිතේශ්වරගේ මොළය පරීක්ෂා කිරීම අද

January 19, 2024 - 11:14 AM
අවලෝකිතේශ්වර නොහොත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද (19) අංගොඩ ජාතික මානසික රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

මේ සඳහා ඊයේ (18) ඔහුව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර නවක රැඳවූවන් රඳවා සිටින 'එන්' වාට්ටුවේ සැකකරු රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

මැගසින් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ මෙම පුද්ගලයා සිරගත වූ දිනයේ සිට මේ වන තෙක් ඔහුව හමුවීමට කිසිදු අමුත්තකු බන්ධනාගාරයට පැමිණ නැති බවයි.

මෙම සැකකරු බන්ධනාගාරයෙන් ලබා දෙන ආහාර ද ගෙන රැඳවූවන් සමඟ සාමාන්‍ය පරිදි කල් ගෙවන බව ද එම නිලධාරීයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
(lknews.lk)