බීඩි නිෂ්පාදකයාගෙන් අල්ලස් ඉල්ලූ සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්

September 27, 2023 - 9:59 AM
බීඩි නිෂ්පාදකයෙකුට පහරදීමේ සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියේ සැකකාර සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

වලස්මුල්ල ප්‍රදේශයේ බීඩි නිෂ්පාදකයෙකුට මෙම පහරදීම සිදුකර තිබූ අතර ඊට අදාළව අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර ඇති බව සඳහන්.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දුන් උපදෙස් අනුවයි.

බලපත්‍රයක් නොමැතිව බීඩි කොළ ළග තබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට අල්ලස් ඉල්ලා සිටීම සහ පහර දීම යන සිද්ධි සම්බන්ධයෙන් තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.
(lknews.lk)