සුරාබදු ආදායම ඉහළ යයි

March 25, 2024 - 12:05 PM
පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේදී සුරා බදු ආදායම 38.5%කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසනවා.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනය ද ලීටර් 657,000ක් අඩු වී ඇති බව ඔහු සඳහන් කළා.

එයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, මත්පැන් මිල අධික ලෙස ඉහළ ගොස් පරිභෝජනය සීමා වීමයි.
(lknews.lk)