කුලී ආදායම් බද්දෙන් පළමු දේපළ නිදහස් කරයි

June 18, 2024 - 11:11 AM
යෝජිත කුලී ආදායම් බද්දෙන් පුද්ගලයෙකු සතු පළමු දේපළ නිදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පනවන බවයි ඔහු කියා සිටියේ.

අද (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(lknews)