විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කරයි

July 31, 2024 - 11:08 AM
විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ සිසුන් 87,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවක හිඟය හේතුවෙන් ඒ සඳහා යම් බාධා මතුව ඇති බවත් ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල කිහිපයකින් ඒ සඳහා නිලධාරීන් පත් කිරීමට පියවර ගන්නා බවත් කොමිසම වැඩිදුරටත් සඳහන් සඳහන් කළා.

ඒ අනුව කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

(lknews)