මෛත්‍රීට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කරයි

April 18, 2024 - 11:30 AM
අද (18) කොළඹ දිසා අධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම නියෝගයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි (09) වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි.

මෙම නියෝගය ලබා දී ඇත්තේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (18) යළි කැඳවීමෙන් අනතුරුවයි.

(lknews.lk)