තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි

August 05, 2024 - 6:59 PM
තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

(lknews)