ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් තොරව පොලිස්පතිට සේවා දිගුවක්

October 18, 2023 - 11:18 AM

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (17) රැස්වූ අවස්ථාවේ අදාළ තීරණය ගෙන තිබූ නමුත් එය වෙනස් කරමින් පොලිස්පතිවරයා යළි එම ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ධුර කාලය අවසන් වූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න මහතාට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබාදීමට මීට පෙරද ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.
(lknews.lk)