අධික උණුසුමෙන් ගැබිණි මව්වරුන්ටත් බලපෑම්

March 21, 2024 - 1:54 PM
අධික උණුසුම් කාලගුණ තත්වය මත රැකියාවල නිරත වන ගැබිණි කාන්තාවන්ට වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එමඟින් අනාවරණය වී ඇත්තේ, එවැනි ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ  හැකියාව ඉහළ යනු ඇති බවයි.

චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙන මෙම පර්යේෂණය සිදු කර තිබෙනවා.
(lknews.lk)