අධික උණුසුම මැයි දක්වා

February 29, 2024 - 10:29 AM
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්වය මැයි මාසය දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (29) සහ හෙටත් (01) පාසල් දරුවන් එළිමහනේ රැඳීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

උපරිම උෂ්ණත්වය කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් වාර්තා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
(LKNEWS)