වසා දැමූ කැළණියේ පීඨ අද ඇරඹේ

December 11, 2023 - 8:37 AM
දැනට වසා දමා ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා, වානිජ හා කළමනාකරණ සහ තාක්ෂණ පීඨ අධ්‍යයන කටයුතු සඳහා අද (11) යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 05 වනදා වෛද්‍ය පීඨය හැර විශ්ව විද්‍යාලයේ සෙසු පීඨ වසා දමනු ලැබුවා.

පසුව ඊට සම්බන්ධ සිසුන් 04 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කරනු ලැබුවේ.
(lknews.lk)