ඇල්පිටියේදී මාරක අනතුරක්

January 07, 2024 - 6:03 PM
ඇල්පිටිය ඕමත්ත ප්‍රදේශයේ අද (07) බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඇල්පිටිය දෙස සිට ඕමත්ත දෙසට යමින් සිටි පෞද්ගලික බස් රථයක ඕමත්ත දෙස සිට ඇල්පිටිය දෙසට පැමිණෙමින් තිබූ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

‍අදාළ අනතුර හේතුවෙන් යතුරුපැදි‍යේ පැමිණි පුද්ගලයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ ඕමත්ත සර්වෝදය කන්ද ලිපිනයේ පදිංචි වයස අවුරුදු 31ක් වන පුද්ගලයෙක්.
(lknews.lk)