මාතර බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙක් රෝහලට

December 24, 2023 - 12:14 PM
මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ (23) රාත්‍රියේ රෝහල්ගත කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කරන්නේ, ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්‍රතිකාර ලබයි.

ඉන් දෙදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළා.
(lknews.lk)