විජයග්‍රහණයේ පහළොස් වසරක සැමරුම අද

May 18, 2024 - 1:11 PM
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්. ටී. ටී. ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්. ටී. ටී. ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමිවනවා.

(lknews)