ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන මුදල් අමාත්‍යාංශය පැහැදිළි කරයි

June 17, 2024 - 6:32 PM
ආරෝපිත කුලී ආදායම් බද්ද පිළිබඳ පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑතදී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ආරෝපිත කුලී ආදායම් බද්ද ලෙස ක්‍රියාත්මක වීමට නියමිත යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

එම බද්ද තුළින් අවධානය යොමුකර තිබෙන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නන්ට නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බව එම නිවේදනයෙහි සඳහන්.

(lknews)